ගමන් බලපත්‍රය හරහට හිටි දසුන්ට නායකත්වයත් අහිමි වෙයි ද?

ගමන් බලපත්‍රය හරහට හිටි දසුන්ට නායකත්වයත් අහිමි වෙයි ද?

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මාර්තු 3 වැනිදා ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරඟාවලියේ නායකත්වයට පත්කළ දසුන් ශානකට පසුගියදා කැරබියන් දුපත් බලා පිටත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමහ එක්වීමට නොහැකි වුනේ ඔහුගේ ගමන් බලපත්‍රයේ ඇති වූ ගැටළුවක් හේතුවෙන්.

කෙසේ වෙතත් මෙම ගැටලුව මෙතෙක් විසඳි නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වාගෙන් Liveat8 අපකළ විමසීමකදී සඳහන් කර සිටියේ.

ඒ අනුව දසුන්ගේ මෙම ගැටලුව විසඳීමට විකල්ප ක්‍රියාමාර්ගයකට යොමුවන බවත් ඊට දින දෙකකට අධික කාලයක් යන බවත් සඳහන් කල ඔහු, ඒ හේතුවෙන් දසුන්ට විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟයට එක්වීමට හැකිවේද යන්න ගැටළුවක් පවතින බවත් වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව මාර්තු 3 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු විස්සයි විස්ස තරඟයට නව නායකයෙකු පත්කිරීම ගැනද තේරීම් කමිටුවේ සාමාජිකයින් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඔහු අප සමග ප්‍රකාශ කළා.

Share This