

ඉදිරි ගෝලීය වසංගත තත්ත්වයකට මුහුණදීමට ලෝක නායකයින් අතර සම්මුතියක් අවශ්‍ය බවට තීරණයක්
ඉදිරි වසංගතයක් සඳහා මුහුණදීමට ගෝලීය සම්මුතියක් අවශ්‍ය බව ලෝක නායකයින් අවධාරණය කර තිබෙනවා.
ප්‍රංශය, බ්‍රිතාන්‍යය, හා ජර්මනිය ඇතුළු රටවල් 23ක සහාය හිමිවන මේ යෝජනාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේදී එකඟතාව හිමිව තිබෙනවා.
සමස්ත ලෝකය වෙතම මුදාහැර ඇති එම ලේඛනය මඟින් පෙන්වාදී ඇත්තේ, දෙවැනි ලෝක සංග්‍රාමයෙන් අනතුරුව ලොව මුහුණුදුන් දැවැන්තම අර්බුදය කොවිඩ් වසංගතය බවය.
සියලූම දෙනා ආරක්ෂිත බවට තහවුරු වන තුරු, ලෝකය අනාරක්ෂිත බව එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.
ඉදිරි වසංගතයකදී එන්නත්, ඖෂධ සඳහා සියලූමදෙනාට සාධාරණ හා විශ්වීය ප්‍රවේශයක් සහතික කිරීම, සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.
මෙසේ රටවල් 23ක සහාය ඊට හිමිවුණේ ඊට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය හිමිවීමත් සමගින්.
ඒ රටවල් අතරට බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, කොරියාව, දකුණූ අප්‍රිකාව ඇතුළු මහද්වීප සියල්ලම නියෝජනය කරමින් රටවල් අයත්ය.