

බ්‍රිතාන්‍යයේ වෛරස ප්‍රභේදය, මාරාන්තික සහ බෝවන බවට අනතුරු ඇඟවීමක්
එක්සත් ජනපදයේ වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස ප්‍රභේදයන්ගෙන් එකක් වඩාත් බෝවන හා මාරාන්තික විය හැකි බව වෛද්‍ය ඇන්තනි ෆවුසි ඊයේ (19) අඟවා තිබෙනවා.
එක්සත් රාජධානියේ ප්‍රථම වරට හඳුනාගත් B.1.1.7 ප්‍රභේදය පැතිරීම යන්නෙන් අදහස් කරන්නේ මුඛ ආවරණ භාවිතය සහ සමාජ දුරස්ථකරණය වැනි ක්‍රියාමාර්ග මෙන්ම, එන්නත් කිරීම වෙන කවරදාටත් වඩා වැදගත් වන බව යැයි ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ෆවුසි අවධාරණය කර තිබෙනවා.
එය දෙසැම්බර් මස අගදී කොලරාඩෝ හිදී ප්‍රථම වරට දැකගත හැකි වූ බව ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ ෆවුසි සඳහන් කර තිබෙනවා. එතැන් සිට එය එක්සත් ජනපදයේ බල ප්‍රදේශ 50කින් එම ප්‍රභේදය අනාවරණය වී ඇති අතර, මේ වනවිට එය රටේ ආසාදනවලින් 20%ත් 30%ත් අතර ප්‍රමාණයක් විය හැකි බවද, එම සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බවද වෛද්‍ය ෆවුසි අවධාරණය කර තිබෙනවා.
“අපේ රටේ වැඩෙන තර්ජනයක් වන B.1.1.7 ප්‍රභේදයට අපට මුහුණ දිය හැකි ආකාරය නම් කාරණා දෙකක් අප කළ යුතුයි. මෙම ප්‍රභේදයට එරෙහිව ක්‍රියා කරන බව අප දන්නා එන්නත් සමග හැකි ඉක්මනින් හා කඩිනමින් එන්නත් ලබාගැනීම සිදුකළ යුතුයි. දෙවැනි සහ අවසාන කාරණය නම්, අප නිතරම කතා කරන මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම හෙවත් නිතර මුඛ ආවරණ භාවිත්‍ය. ශාරීරිකව දුරස්ථභාවය පැවැත්වීම, නිතර දෑත් සේදීම, විශේෂයෙන් ගෘහස්ථළු එක්රැස්වීම් වළක්වා ගැනීමයි.” වෛද්‍ය ෆවුසි වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.