

ලෝක බලවතා වෙනුවෙන් ඉදිවෙන සුපිරි සුපර්සොනික් ජෙට් යානය (Video)
පසුගිය සැප්තැම්බරයේ කැලිෆෝනියාවේ ස්ටාර්ට් අප් සමාගමක් එක්සත් ජනපද ගුවන් හමුදාව සමඟ එක්ව සුපර්සොනික් ගුවන් යානයක් ඇමරිකානු ජනපතිගේ නිල ගුවන් සේවය වන එයාෆොස් වන් ලෙස භාවිතා කළ හැකි වන ලෙස නිර්මාණය කරන බව CNN වෙබ් අඩවිය සඳහන් කරනවා.
සුපර්සොනික් වේගයෙන් ගමන් ගන්නා මැක් 1.8 ක වේගයක් සහිතව නිර්මාණය කිරිමට බලාපොරොත්තු වෙන මෙම යානයේ ජනපතිට අමතරව ඔහුගේ අමුත්තන් සහ කාර්‍යමණ්ඩලයට ගමන් ගත හැකි බව ද සඳහන්.
“මෙම සංකල්පය සමඟ අපි අද ලබා ගත නොහැකි හෝ වාණිජ හෝ ව්‍යාපාරික ගුවන් යානාවල (තවමත්) නොදකින නව තාක්‍ෂණයන් ක්‍රියාත්මක කිරීමට අපි සැලසුම් කරමින් සිටිමු” යැයි එක්සොසොනික් හි ප්‍රධාන ගුවන් යානා අභ්‍යන්තර මෝස්තර නිරූපණ ශිල්පී ස්ටෙෆනි චහාන් සඳහන් කර තිබෙනවා.
මෙම යානය සඳහා යොදාගන්නා “boom-softening ” තාක්ෂණයෙන් ඉතා වේගයෙන් ගමන් කළ හැකි අතර මෙම යානයේ සොනික් බූම්බ් ලෙස හැදින්වෙන විශාල ශබ්දයන් ඇති නොවන බව සඳහන්.