අඛණ්ඩව සිව්වැනි දිනටත් දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන තුන් ලක්ෂය ඉක්මවන රට

අඛණ්ඩව සිව්වැනි දිනටත් දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන තුන් ලක්ෂය ඉක්මවන රට

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම අඛණ්ඩව සිව්වැනි දිනයටත් ලක්ෂ 3 ඉක්මවා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනය තුළදීත් එරටින් නව ආසාදිතයින් 350,000ට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

එරට කොවිඩ් මරණ ගණන ද ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර ඉන් බහුතරය වාර්තාවන්නේ ඔක්සිජන් හිඟකමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

ඊයේ (24) දිනයේදී එරටින් වාර්තාවූ මරණ ගණන 2,761ක් වන අතර නවතම වාර්තාවලට අනුව සෑම මිනිත්තු 4කට වරක්ම දිල්ලි අගනුවරින් එක් කොවිඩ් මරණයක් වාර්තාවෙමින් පවතිනවා.

 

Share This