

දරු දෙදෙනාට මැදිව යතුරු පැදියේ අවසන් ගමන් ගිය අම්මා – ඉන්දියාවෙන් ඇසෙන සංවේදී කතාවක් (Video)
ඉන්දියාවෙන් දිනෙන් දින හදවත් සසල කරවන පුවත් ඇසෙමින් තිබෙනවා.
ඒ අතර සිය මිය ගිය මව යතුරු පැදියේ නංවාගත් පුතෙකු සහ බෑනා කෙනෙකුගේ පුවතක් බොහෝ දෙනෙකුගේ හදවත් කම්පා කරන පුවතක් ද වාර්තාවනවා.
ආන්ද්‍රා ප්‍රදේශයේ ශ්‍රීකාකුලම් හී පදිංචිව සිටි මෙම මව හට කොරෝනා රෝගයේ මූලික ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා ආන්ද්‍රාවල පිහිටි රෝහලක් වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී ඇය මිය ගොස් තිබෙනවා.
මවගේ දේහය රැගෙන යෑම සඳහා වාහනයක් හෝ ගිලන් රථයක් සොයා ගැනීමට නොහැකි වූ තරුණයන් දෙදෙනා සිය මවගේ දේහය යතුරු පැදියේ ඔවුන් දෙදෙනාට මැදිකොට ගෙන ආන්ද්‍රා ප්‍රදේශ්වල ශ්‍රීකාකුලම් හී සිය නිවස වෙත රැගෙන යාමට සුදානම් වී ඇති අතර ඔවුන් යන අතර මඟදී ආන්ද්‍රා පොලීසිය විසින් ඔවුන් නවතා ඔවුන්ගෙන් කරුණු විමසීමෙන් අනතුරුව මෙම සංවේදී කතාව ඔවුන් විසින් හෙළි කර තිබෙනවා.