

පිලිප් කුමරුට සමුදෙන්න බ්‍රිතාන්‍ය සුදානම් වන අයුරු(PHOTOS)
පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවය ලබන 17 වන සෙනසුරාදා සිදුකරන බව බකිංහැම් මාළිගය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
ඒ අනුව පිලිප් කුමරු වෙනුවෙන් දින අටක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ද කටයුතු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
මෙම රාජකීය අවමංගල්‍ය උත්සවය ලබන සෙනසුරාදා බ්‍රිතාන්‍ය වේලාවෙන් පස්වරු තුනට වින්ඩ්සර් හි ශාන්ත ජෝර්ජ් චැපල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
(වින්ඩ්සර් හි ශාන්ත ජෝර්ජ් චැපල් පරිශ්‍රය)
කෙසේ වුවද කොවිඩ් හේතුවෙන් එය පෞද්ගලික අවමංගල්‍යයක් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
පිලිප් කුමරුගේ දේහයට මහජන ගෞරවය සඳහා අවස්ථාව නොලැබෙන අතර සෞඛ්‍ය උපදෙස් මත අවමංගල්‍ය උත්සවයට සහභාගි නොවන ලෙස රජ මැදුර මහජනතාවගෙන් ඉල්ලීමක් ද සිදුකර තිබෙනවා.
ඒ අනුව මෙම රාජකීය අවමංගල්‍ය කටයුතු රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශනය කිරීමට කටයුතු කරන බවද වාර්තා වනවා.
පිලිප් කුමරුගේ අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය උත්සවය සංවිධානය කරනු ඇති අතර ඔහු ඉල්ලු පරිදි ඉතා චාම් අවමංගල්‍ය උත්සවයක් සංවිධානය කරනු ඇති බව බ්‍රිතාන්‍යය මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.