ICC ප්‍රධාන විධායක නිලධාරියා ධූරයෙන් නෙරපයි

ICC ප්‍රධාන විධායක නිලධාරියා ධූරයෙන් නෙරපයි

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක මනු සව්නි ( Manu Sawhney ) එම ධූරයෙන් පහ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අයිසීසී මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ ඔහු අත්තනෝමතික ක්‍රියා සිදු කිරීම සහ තම කාර්ය මණ්ඩලයට හිරිහැර කිරීමේ චෝදනා මතයි .

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාර්ක්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පැවති හදිසි රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව ජෙෆ් ඇලාර්ඩිස් වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරනු ඇති.

Share This