

අවුරුදු 78,000කට පෙර ‘කොට්ටයක් හිසට තබා තැන්පත් කළ’ ළමා මළසිරුරක් හමුවේ
(BBC ඇසුරිනි )
දරුවකුගේ මරණය හේතුවෙන් මිනිස් සන්තානයේ ජනිත ශෝකය පිළිබිඹු කෙරෙන සොහොනක් අප්‍රිකාවෙන් සොයාගනු ලැබ ඇති බව BBC වාර්තා කර තිබෙනවා.
කෙන්යාවේ ගුහාවක තිබී සොයාගන්නා ලද එම සොහොන අවුරුදු 78,000ක් තරම් පැරණි බව එය සොයාගන්නා ලද පුරා විද්‍යාඥයන්ගේ කාල නිර්ණය වනවා.
අදාළ පර්යේෂණය සිදුකළ පුරාවිද්‍යාඥයන් සඳහන් කරන පරිදි මධ්‍යම ශිලාතන යුගයට අයත් ගුහාවේ තැන්පත් කර තිබූ සිරුර වයස අවුරුදු තුනක් තරම් වයසැති ළදරුවකුගේය.
කැඩී බිඳී විනාශ වී යාමේ අනතුරක් ඇති හෙයින් ඉතා ප්‍රවේශමෙන් සප්ර්ශ කළයුතුව ඇති එම පෞරාණික ළමා සිරුරේ ඇටසැකිල්ල අධ්‍යයනය කළ පුරාවිද්‍යාඥයන් ‘නේචර්’ සඟරාවට සපයා ඇති ලිපියක් මගින් කියාසිටින්නේ ”දරුවාගේ හිස කොට්ටයක් මත තැන්පත් කරනු ලැබ තිබුණ ආකාරයක් දක්නට ලැබෙන” බවයයි.
විද්‍යාඥයන් අදාළ දරුවාට නමක් ද තබා ඇති අතර ඔවුන් විසින් තබන ලද ‘එම්ටෝටෝ’ (Mtoto) ය. එම නම ස්වාහිලි(Swahili) භාෂාවෙන් ”පැටියා”(KId) යන තේරුම දෙනවා.
”ශාක පත්‍රවලින් හෝ සත්ත්ව හම්වලින් දරුවාගේ මළසිරුර ඔතා තියෙන්නට ඇති කියල අපි හිතනවා. ඒ විධියට තමයි දරුවා අන්තිම නින්දේ සතපවල තියෙන්නේ” මරියා මාටිනෝන් ටොරේස්(María Martinón-Torres) පවසනවා.
”මියගිය දරුවා සම්බන්ධයෙන් ඔහු අයත් මානව කණ්ඩායම තුළ එතරම් ආදරණීය බවක් පළවූ බවක් සැබැවින්ම එමගින් ප්‍රදර්ශනය කෙරෙනවා”
අස්ථි කොටස් වැඩිදුරටත් පරීක්ෂා කළ විද්‍යාඥයන් ඒවායේ හැඩය අනුව නිගමනය කරනු ලැබ තිබෙන්නේ ‘එම්ටෝටෝ’ පිරිමි දරුවකු වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවය.
”දරුවාගේ සිරුර වලදමා තියෙන්නේ ගුහාවක. එය මිනිස්සු ජීවත්වෙච්ච ස්ථානයක්” මහාචාර්ය මරියා මාටිනෝන් ටොරේස් පවසන්නීය.
”සියලු හැසිරීම් රටාවන්ගෙන් ප්‍රදර්ශනය වන්නේ කණගාටුව වෙන්න පුළුවන්, දරුවාට යන්න නොදෙන ආකල්පයක් වෙන්න පුළුවන්”
”අප්‍රිකාවෙන් හමු වූ ඊළඟ පැරණිම සොහොන අවුරුදු 74,000ක් පැරැණි එකක්” යැයි ලන්ඩන් නගරයේ ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ ආචාර්ය ලුවිස් හම්ප්‍රි (Dr Louise Humphrey) පැහැදිළි කරනවා.
”මෙහි සිත්ගන්නා සුලු කරුණ මෙයයි. එම සොහොනත් දරුවකුට අයත් වූවක් වීම. නමුත් ඒ ගැන අපි වැඩිපුර කරුණු දන්නේ නැහැ. මොකද? එම කැණීම දුර්වල මට්ටමින් සිදුකරලා තියෙන්නේ මෙයින් අවුරුදු පනහකට පෙර”
”මෙතැන නියත ලෙසම පුද්ගල අහිමිවීමක හැඟීමක් තියෙනව” ආචාර්ය ලුවිස් හම්ප්‍රි වැඩිදුරටත් සඳහන් කළා
(බීබීසී විද්‍යා තොරතුරු අංශයේ වික්ටෝරියා ගිල් විසින් ලියන ලද ලිපියක් ඇසුරිනි)