

ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහ තරගයට
සංචාරක එංගලන්ත ක්රිකට් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ 4කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ අවසන් තරඟය ඉනිමකින් සහ ලකුණු 25කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුනා.
ඒ අනුව ටෙස්ට් තරඟාවලිය 3ට එකක් ලෙස ඉන්දීය කණ්ඩායම ජය ගැනීමත් සමග ඔවුන් එළඹෙන ජුලි මාසයේදී නවසීලන්තය සමග ලෝක ටෙස්ට් ශුරතාවය වෙනුවෙන් ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්රිකට් ක්රීඩාංගනයේදී තරඟ වැදීමට නියමිතයි.