

ලොව වැඩිම දෛනික ආසාදිතයින් ඉන්දියාවෙන්
ලොව එක් දිනකදී හඳුනාගත් වැඩිම දෛනික කොවිඩ් -19 ආසාදිතයින් ගණන ඊයේ (05) ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.
එම ගණන දැක්වුණේ 412,618ක් ලෙසය. ඒ එරට ආසාදිතයින් ගණන දෙවැනි වරටත් ලක්ෂ 4 ඉක්මවා යාමත් සමගින්ය.
ඉන්දීය මාධ්‍ය පවසන්නේ, රටපුරා කොවිඩ් පරීක්ෂාවන් සිදුකිරීම මන්දගාමීව ඇති පසුබිමක පවා ඉන්දියාවෙන් මෙතරම් දෛනික ආසාදිතයින් වාර්තාවීම විශේෂත්වයක් බවය.
මේ අතර ඊයේ එරටින් කොවිඩ් මරණ 3,982ක් වාර්තා වී තිබෙනවා. එය ද දැක්වෙන්නේ දිනකදී එරට සිදුවූ වැඩිම කොවිඩ් මරණ ගණන ලෙසය.
ඉන්දියාව මුහුණදී ඇති වත්මන් අර්බුදය සමනය කිරීමට සෞඛ්‍යාධාර සැපයීමට ලොව රටවල් රැසක් ඉදිරිපත් වී තිබෙනවා. එම ආධාර තොග අතරට ශ්වසනාධාර, ඔක්සිජන් සැපයුම් සහ ඖෂධ අයත්ය.
කෙසේ නමුත් මේ ආධාර තොග අවශ්‍ය ස්ථාන වෙත බෙදා නොදී තවමත් ගුවන්තොටුපොළ ගබඩාවල රඳවා තබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කරනවා.
මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයයන් අතර පවතින සන්නිවේදන ගැටලු සහ නිසි කළමනාකරණයක් නොමැතිවීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව වාර්තා වන්නේ.
දිල්ලිය ඇතුලු වසංගතයේ අතිශය පීඩාවට පත් කලාපවල රෝහල් බහුතරයක තවමත් උග්‍ර සායනික ඔක්සිජන් සහ ඖෂධ හිඟයක් පවතිනවා.