

ඉන්දියාව මවුබිමේදීම පරදී
එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක ජයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
ඉන්දියාවේ අහමදාබාද් හි පැවති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර විස්සේදී කඩුලු 07කට රැස්කර ගත හැකි වුයේ ලකුණු 124ක් පමණයි.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම කඩුලු දෙකක් පමණක් දැවී තිබියදී 16වන පන්දුවාරයේදී තරගයේ ජය ගත්තා.