බ්‍රිතාන්‍යයේ රතු ලැයිස්තුවට ඉන්දියාවත්

බ්‍රිතාන්‍යයේ රතු ලැයිස්තුවට ඉන්දියාවත්

බ්‍රිතාන්‍යයට සංචාරකයන් පැමිණීමේ රතු ලැයිස්තුවට ඉන්දියාවද ඇතුළත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ ඉන්දියාව තුළ පැතිර යන කොවිඩ් වෛරස නව ප්‍රභේදයේ හේතුවෙන් ඇතිව තිබෙන අවධානම හේතුවෙනුයි.

මේ අනුව ලබන සිකුරාදා (23) බ්‍රිතාන්‍යය වේලාවෙන් අලුයම 04 සිට ගතවූ දින 10 තුළ ඉන්දියාවේ සංචාරය කර ඇති අයට එරටට ඇතුලුවීමට අවසර හිමි නොවේ.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යය හෝ අයර්ලන්ත විදේශ ගමන් බලපත්‍ර සහිත අයෙකු වෙතොත් රටට ඇතුලුවීමට අවසර හිමිවන අතර දින 10 ක රජයේ මධ්‍යස්ථානයක නිරෝධායනය විය යුතු වනවා.

Share This