

කොවිඩ් පරදන්න ඉන්දියාව ‘හමුදා සහාය’ ඉල්ලයි
අඛණ්ඩව 13වන දිනටත් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන දෛනික කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්ෂ පනස් දහස ඉක්මවා ගියා.එමෙන්ම එහි මරණ සංඛ්‍යාව 3,438ක් වශයෙනුයි දැක්වෙන්නේ.
ඉන්දියාවේ වැඩිම බලපෑමකට ලක්ව ඇති ප්‍රාන්ත අතරින් මහා රාෂ්ට ප්‍රාන්තය තව දුරටත් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති අතර නවදිල්ලිය සහ මුම්බායි ඇතුළු වඩාත් ජනාකීර්ණ නගර රැසක් කොවිඩ් හමුවේ දැඩි අසරණභාවයකට පත්ව තිබෙනවා.
මේ අතර අද දින ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ පවතින දරුණු වසංගතය පාලනයට හමුදා සහය ඉල්ලා තිබෙන බවයි.ඒ අනුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ දැඩිසත්කාර ඒකක පවත්වා ගෙන යාමට හමුදා සහය ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර තවදුරටත් රෝහල්වල ඇඳන් නොමැති වීම, ඔක්සිජන් හිගය සහ දැඩිසත්කාරවල පවතින තදබදය නිසාවෙන් රෝගීන් දැඩි පීඩාවකට ලක්ව සිටින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ නිසාවෙන් කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් නොමැතිව මිය යන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බවයි එම මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ.
මෙවැනි පසුබිමක් තුළ ඉන්දියාවේ ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන ආයතනයක් වන සීරම් ආයතනයේ ප්‍රධානියා හදිසියේ බ්‍රිතාන්‍යට පිටත්ව යෑම ඉන්දියානුවන් දැඩිව විවේචනය කර තිබෙනවා.