

ඉන්දියාව ඇස්ට්‍රොසෙනෙකා එන්නත අපනයනය අත්හිටුවයි
ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා මර්දන එන්නත අපනයනය තාවකාලිකව අත්හිටවූ බව ඉන්දියාව පවසනවා.
එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ, දේශීය අවශ්‍යතාව සඳහා ප්‍රමුඛතාව ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බවයි.
ඉන්දීයාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග ඉදිරි සතිවල දේශීය එන්නත් ඉල්ලුම ඉහළ යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා එන්නත් බෙදා හැරීමේ කොවැක්ස් වැඩපිළිවෙළට අයත් රටවල් 190 කට ඉන් බලපෑම් වනු ඇති. ඉන්දියාව මේ වන විට රටවල් 76 කට අපනයනය කර ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 60 කට අධිකය.
වසරේ ගත වූ කාලසීමාව තුළ ඉන්දියාවේ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් ඊයේ වාර්තා වුනා.
එම සංඛ්‍යාව 47,262 ක්.
පැය 24 ක් තුළ එරටින් කොරෝනා මරණ 275 ක් ද වාර්තා වනවා.