

ඉන්දීය කෝටිපතියෝ රටින් පැනයති
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය උත්සන්න වෙද්දී , ඉන්දීය ධනවතුන් ඔවුන්ගේ පෞද්ගලික ජෙට් යානාවල නැගී ඉන්දියාවෙන් පිටවී යෑම ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
අද ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේදීද මේ සම්බන්ධයෙන් අනාවරණය කළා.
මෙසේ ඉන්දියාවෙන් පිටවී වෙනත් රටවලට ගොස් ඇත්තේ, එම රටවලද ද්විත්ව පුරවැසිභාවය ඇති ඉන්දීය කෝටිපති ව්‍යාපාරිකයන් බවයි සඳහන් වන්නේ.
එමෙන්ම මේ වන විට ඉන්දියාවට ලොව නන් දෙසින් ආධාර ලැබෙමින් පවතින අතර මහා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ලබා දුන් වෛද්‍ය ආධාර තොග රැගත් ගුවන් යානා කිහිපයක් නවදිල්ලියට ඊයේ ළඟා වී තිබෙනවා.
උපුටා ගැනීම – ලංකාදීප පුවත්පත