ඉන්දුනීසියාව බිය ගන්වමින් කතෝලික පල්ලියකට මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් (VIDEO)

ඉන්දුනීසියාව බිය ගන්වමින් කතෝලික පල්ලියකට මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් (VIDEO)

ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි පළාතේ රෝමානු කතෝලික දෙව් මැදුරක් ඉදිරිපිට මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් පුපුරවා හැරගෙන ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

බෝම්බකරු යතුරුපැදියකින් පල්ලියට ඇතුළුවීමට උත්සාහ කළ නමුත් ආරක්ෂක නිලධාරියෙකු විසින් එය නැවතූ අවස්ථාවේ බෝම්බකරු මෙලෙස පුපුරවා හැරගෙන තිබෙනවා.

මාකසාර් නගරයේ සිදු වූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා ඇති අතර පල්ලි සේවකයින් පස් දෙනෙක් සහ බැතිමතුන් සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි දැනට වාර්තා වනවා.

තුවාල ලැබූවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ඉන්දුනීසියානු මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා.

 

Share This