

අවුරුදු 13න් පහළ අයටත් Instagram
වයස අවුරුදු 13 ට අඩු පුද්ගලයින් සඳහා පළමු වරට ඉන්ස්ටග්‍රෑම් “ආරක්ෂිතව” භාවිතා කිරීමට ඉඩ දීමට සමාගම විසින් ඉන්ස්ටග්‍රෑම් අනුවාදයක් තැනීම ආරම්භ කරන බව ෆේස්බුක් ආයතනය අභ්‍යන්තර සමාගම් නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව වයස අවුරුදු 6 සිට 12 දක්වා ළමුන් සඳහා වන මැසෙන්ජර් කිඩ්ස් යෙදුමට සමාන දෙමාපියන් විසින් පාලනය කළ හැකි ඉන්ස්ටග්‍රෑම් අනුවාදයක් සැකසීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.