IPL තරඟ කාලසටහන නිවේදනය කෙරේ

IPL තරඟ කාලසටහන නිවේදනය කෙරේ

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය එළඹෙන අප්‍රේල් 9 වනදා චෙන්නායිහී දී ආරම්භ කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළා.

පළමු තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

තරඟ පැවැත්වීම සදහා මෙවර ක්‍රීඩාංගන 6ක් පමණක් තෝරා ගෙන ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

මුම්බායි නුවර ද ඊට අයත් අතර, අවසන් වටයේ තරග අහ්මදාබාද්හී දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මූලික වටයේ දී සියලු කණ්ඩායම් ක්‍රීඩාංගන 4කදී තරඟ වදිනු ඇති.

මූලික වටයේ තරඟ 56 අතරින් චෙන්නායි, මුම්බායි, කොල්කටා සහ බැංගලෝර් යන ක්‍රීඩාංගනවලදී තරග 10 බැගින් පැවැත්වීමට නියමිතයි.

දිල්ලි සහ අහ්මදාබාද් ක්‍රීඩාංගනවලදී තරග 8 බැගින් පැවැත්වෙනු ඇති.

තරඟාවලිය ආරම්භයේ දී ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයකින් තොරව තරඟ පැවැත්වීමටයි කටයුතු සැලසුම් කර ඇත්තේ.

එක් දිනකට තරග 2 බැගින් පැවැත්වෙන දින 11 ක් ද මෙවර තරඟාවලියට ඇතුළත්.

අවසන් මහා තරඟය මැයි 30 වනදා අහ්මදාබාද් හී දී පැවැත්වීමට නියමිතයි.

 

Share This