ජපානය හදිසි තත්ත්වයක් ප්‍රකාශට පත් කරයි

ජපානය හදිසි තත්ත්වයක් ප්‍රකාශට පත් කරයි

ඔලිම්පික් උළෙලට මාස තුනකට පෙර නැගී එන කොවිඩ් තත්ත්වය හමුවේ ජපානයේ ටෝකියෝ ඇතුළු බටහිර ප්‍රාන්ත තුනක් වන ඔසාකා, කියෝතෝ සහ හයෝගෝ හි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් 25 සිට මැයි 11දා දක්වා නව හදිසි තත්ත්වය යටතේ රජය විසින් මත්පැන් අවන්හල්, බාර් සහ කැරෝකී මධ්‍යස්ථාන වසා දැමීමට ඉල්ලා සිටි අතර, විශාල ක්‍රීඩා ඉසව් ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්විය යුතු බව දන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ප්‍රාන්ත හතර ජපානයේ ජනගහනයෙන් හතරෙන් එකක් පමණ ජීවත් වන පළාත් ලෙස සැලකෙයි. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නවතම දත්තවලට අනුව, ජපානයේ දැනට ආසාදිතයන් 553,258 ක් සහ මරණ 9,778ක් වාර්තා කර තිබෙනවා.

Share This