

ගෝලීය සුපර්සොනික් ප්‍රහාරක ජෙට්යානා කණ්ඩායමට එක්වූ දකුණු කොරියා KF-21 එළිදකී
දකුණු කොරියාව සිය රට තුළම නිෂ්පාදනය කරන ලද සුපර්සොනික් ප්‍රහාරක ජෙට් යානය ඊයේ (09) එළිදැක්වූ අතර, එය ලෝකයේ හමුදා ගුවන් යානා දැවැන්තයින්ගේ සුවිශේෂී සමාජයකට සම්බන්ධ වී ඩොලර් බිලියන 5.2ක වැඩපිළිවෙලකට වේදිකාව සකසා තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
KF-21 ජෙට් යානය ක්‍රියාත්මක වූ පසු ගුවනේ සිට ගුවනට මෙන්ම, ගුවනේ සිට භූමියටද එල්ල කළ හැකි මිසයිල පරාසයකින් සන්නද්ධ වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ද්විත්ව එන්ජින් සටන්කරුවන් තනි හා ආසන දෙකක අනුවාදවලින් මෙම යානය කරළියට පැමිණෙනු ඇත.
“ස්වාධීන ආරක්ෂාවේ නව යුගයක් ආරම්භ වී ඇති අතර එය දකුණු කොරියානු ගුවන් කර්මාන්තයේ සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක්” යැයි ජනාධිපති මූන් ජේ-ඉන් KF-21 හෙවත් බෝරාමේ (දඩයමට හුරුකළ තරුණ උකුස්සා) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ප්‍රහාරක යානය දකුණු ජියොංසාං පළාතේ සාචියොන් හි කොරියානු අභ්‍යවකාශ කර්මාන්ත නිෂ්පාදන කම්හලේදී එළිදක්වමින් සඳහන් කර තිබෙනවා.
භූමියේ හා පියාසැරි පරීක්ෂණ අවසන් වූ පසු KF-21 විශාල වශයෙන් නිෂ්පාදනය ආරම්භ වන අතර, වර්ෂ 2028 වනවිට ජෙට් යානා 40ක් සහ 2032 වනවිට 120ක් වශයෙන් එය දිගහැරෙනු ඇත.
පරීක්ෂණ සහ සංවර්ධනය සඳහා KF-21 මූලාකෘති 6ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන අතර, පළමු යානා තුන මේ වසර අවසන් වන විටත්, ඊළඟ තුන 2022 මුල් භාගයේදීත් නිම කිරීමට අපේක්ෂා කරන බව දකුණු කොරියාව සඳහන් කරනවා.