

LPL තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි
2021 ලංකා ප්‍රිමියර් ලීග් 20-20 තරඟාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අද(21) සිට ඇරඹෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව මාර්ග ගත ක්‍රමය (online ) ඔස්සේ එළඹෙන 27 වන දින මධ්‍යාහන 12 දක්වා එම ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීමේ හැකියාව ඇත.
එල්.පී.එල්. තරඟාවලියේ ක්‍රීඩක කෙටුම්පතට සුදුසුකම් ලැබීම සඳහා විදෙස් ක්‍රීඩකයින් පහත සඳහන් සුදුසුකම් සපුරාලිය යුතු වනවා.
*ක්‍රීඩකයින් ඔවුන්ගේ ජාතික කණ්ඩායම නියෝජනය කර තිබීම හෝ
*පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර තිබීම හෝ
*පූර්ණ සාමාජික මණ්ඩල තරඟාවලිවල ප්‍රධාන 20-20 තරඟාවලි පාදක කරගනිමින් පවත්වා ඇති තරඟාවලියක් හෝ ක්‍රීඩාකර තිබිය යුතුයි.
* ක්‍රීඩකයින් අදාළ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද ක්‍රීඩකයින් විය යුතුයි.