

නිරෝගී දරුවන් ‘නව දෙනෙකු බිහි කළ’ වාසනාවන්ත අම්මාගේ කතාව
(BBC ඇසුරිනි )
මාලි ජාතික 25 හැවිරිදි කාන්තාවක් දරුවන් නව දෙනෙකු බිහි කර තිබෙනවා.
ස්කෑන් පරීක්ෂණවලදී වෛද්‍යවරුන් සොයාගත් ප්‍රමාණයට වඩා දරුවන් දෙදෙනකු ඇය බිහිකර ඇති බව සඳහන්.
හලීමා සිසේ මෙම දරුවන් නව දෙනා බිහි කර ඇත්තේ මොරොක්කෝවේදී. ඇයට අවශ්‍ය විශේෂ ප්‍රතිකාර සඳහා මාලි රජය මැදිහත් වී හලීමාව මොරොක්කෝවට යවා තිබුණා.
සිසේරියන් සැත්කමකින් උපත ලැබූ ගැහැණු දරුවන් පස්දෙනා සහ පිරිමි දරුවන් සිව්දෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව මාලි සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවා.
නව දරු උපතක් යනු අතිශය දුර්ලභ සිද්ධියකි. එවන් අවස්ථාවක උපතේදී හා ඉන් පසු ඇතිවන සංකූලතා හේතුවෙන් බොහෝ විට සමහර දරුවෝ මිය යනවා.
මාලි සෞඛ්‍ය ඇමතිනි ෆැන්ටා සිබි දෙරටේම වෛද්‍ය කණ්ඩායම්වලට “ප්‍රීතිමත් ප්‍රතිඵලය” ලබා දීම පිළිබඳ සුබ පැතුම් එක් කළා.
ඇය කුස දරා සිටින්නේ දරුවන් හත්දෙනෙකු පමණක් යැයි හෙළි වූ අවස්ථාවේ දී පවා හලීමා සිසේගේ ගැබ් ගැනීම මාලි හි සිත් ඇදගන්නා සුළු මාතෘකාවක් බවට පත් වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.