

විස්සයි විස්ස නායකත්වය යළි මැතිව්ස්ට
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් 20-20 කණ්ඩායමේ නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස්ට පවරා තිබෙනවා.
කණ්ඩායමේ නායකත්වයට පත්ව සිටි දසුන් ශානකට විදේශගමන් බලපත්‍රයේ ගැටලුවක් හේතුවෙන් එරටට ළඟාවීමට නොහැකිවීම මතයි නව පත්කිරීම සිදුකර තිබෙන්නේ.
කෙසේ වෙතත් ටෙස්ට් කණ්ඩායමේ සහ එක්දින කණ්ඩායමේ නායකත්වය හොබවන්නේ දිමුත් කරුණාරත්නයි.
මේ අතර, දෙරට අතර පළමු 20-20 තරගය ලබන 03 වැනිදා ආරම්භවීමට නියමිතව ඇත්තේ කැරබියන් දූපත්හි ඇන්ටිගුවා රාජ්‍යයේ කුලීජ් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.