කොවිඩ් නිසා වැළපෙන ඉන්දියාවේ කුම්භ මේලා අවසානයට මිලියන 7කටත් වැඩි ජන ගඟක්

කොවිඩ් නිසා වැළපෙන ඉන්දියාවේ කුම්භ මේලා අවසානයට මිලියන 7කටත් වැඩි ජන ගඟක්

ගෙවුණු පැය 24ව තුළ වැඩිම ආසාදිතයින් වාර්තා වුයේ ඉන්දියාවේ ඒ ආසාදිතයින් ලක්ෂ 4කට වඩා වාර්තා වීමත් සමගයි.

එමෙන්ම ගෙවුණු පැය 24 තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3689ක් වාර්තා වී තිබෙනවා.

මෘත ශරීර ආදාහනය කිරීමටවත් තැනක් නොමැති වන තරමටම දිනෙන් දින ඉන්දියාවේ ඉහළ යන මරණ සංඛ්‍යාව අති මහත්.

මේ තරම් බැරෑරුම් තත්ත්වයකට මුහුණ පා සිටින ඉන්දියාව ඊයේ පව් සෝදා හැර මෝක්ෂය ප්‍රාර්ථනා කරමින් කුම්භ මේලා උත්සවයේ අවසානය සනිටුහන් කළා.

ඒ සඳහා මිලියන 7කට වැඩි ජන සංඛ්‍යාවක් ගංගා නදිය අසලට රැස් වී සිටීමද දක්නට ලැබුණා.

Share This