

මෝටර් රථයක් තුළ රාත්‍රිය ගත කළ මියන්මාර් තානාපති (Video)
මියන්මාර් හමුදා පාලනය විවේචනය කළ එක්සත් රාජධානියේ සිටින මියන්මාර් තානාපතිවරයා පසුගිය (08) රාත්‍රිය සිය මෝටර් රථය තුළ ගතකර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, ඔහු ට ලන්ඩන් නුවර පිහිටි තානාපති කාර්යාල ගොඩනැගිල්ලට පැමිණීම වළක්වා තිබීම හේතුවෙනි.
ක්වව් ස්වෝර් මින් පැවසුවේ, තානාපති කාර්යාලයේ සේවය කළ අනෙක් පිරිසට ද මියන්මාර් තානාපති කාර්යාලයේ “ආරක්ෂක උපදේශකවරයා” විසින් ගොඩනැගිල්ලෙන් ඉවතට යන ලෙස දන්වා ඇති බවය.