පියා දෙසට දිවගිය ‘මියන්මාර දැරියව’ පොලිසියෙන් වෙඩි තබා මරයි

පියා දෙසට දිවගිය ‘මියන්මාර දැරියව’ පොලිසියෙන් වෙඩි තබා මරයි

මියන්මාරයේදී හත් හැවිරිදි දැරියක් වෙඩි තබා ඝාතනය කර ඇති අතර, පසුගිය මාසයේ පැවති හමුදා කුමන්ත්‍රණයෙන් පසු මෙලෙස මර්දනයට ලක්වූ ලාබාළතම ගොදුරු මෙම දැරිය බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මැන්ඩලේ නගරයේ පිහිටි ඔවුන්ගේ නිවස වැටලීමකදී ඇය සිය පියා දෙසට දිව යමින් සිටියදී මෙම දැරියට පොලිසිය විසින් වෙඩි තබා ඇති
බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ දක්වා වාර්තා වූ ඝාතන අතර ළමුන් 20 කට වැඩි පිරිසක් සිටින බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

Share This