

මියන්මාර් පොලීසිය 7 හැවිරිදි දැරියක්ව ඝාතනය කරයි
මියන්මාර් පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් 7 හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා.
ඒ අනුව පසුගිය පෙබරවාරි 01 වැනිදා සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු මියගිය ළාබාලතම තැනැත්තිය වන්නේ 7 හැවිරිදි කින් මියෝ චිට් එම දැරියයි.
ඇයගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ “ඇය තම පියා වෙත දිව යමින් සිටියදී” පොලීසිය වෙඩිතැබීම සිදුකළ බවය.
මියන්මාරය පුරා හමුදා පාලකයින්ට එරෙහිව ජනතා විරෝධතා පැවැත්වෙන අතර ඒවා පාලනයට හමුදා පාලකයින් බලය පාවිච්චි කරමින් සිටිනවා.
ඒ හේතුවෙන් මේ වනවිට පොලිස් වාර්තා අනුව 164 දෙනෙක් මියගොස් තිබෙනවා.