

ජපානයේ සමලිංගික විවාහ තහනම ගැන නව තීන්දුවක්
සමලිංගික විවාහ පිළිගැනීමට රට අපොහොසත් වීම “ව්‍යවස්ථා විරෝධී” බව ජපානයේ දිස්ත්‍රික් උසාවියක් විසින් තීන්දු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
සමලිංගික විවාහයට ඉඩ නොදෙන සංවර්ධිත ජාතීන්ගේ ජී 7 කාණ්ඩයේ එකම රට ජපානය වන අතර මානසික පීඩාවෙන් ජීවත්වන සමලිංගික යුවළයන් පිරිසක් විසින් මෙම නඩුව ජපානයේ විවිධ ප්‍රදේශවල දිස්ත්‍රික් උසාවි වෙත ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.