

ඉන්දියානු මගීන්ට නවසීලන්තය වැසෙයි
ඉන්දියාවේ සිට පැමිණෙන සියලු ගුවන් මගීන්ට රටට ඇතුලුවීම තාවකාලිකව අත්හිටුවීමට නවසීලන්තය පියවර ගෙන තිබෙනවා.
ඒ ඉන්දියාවේ මේ වනවිට කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාම හේතුවෙන්.
ඉන්දියාවේ සිට පැමිණෙන සිය පුරවැසියන්ට ද මෙම රෙගුලාසිය වලංගු බවයි නවසීලන්තය දැනුම් දී ඇත්තේ.
ඕක්ලන්ඩ් නුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් මේ බව නිල වශයෙන් නිවේදනය කළා.