

සීමා ඉක්ම වූ මිසයිල ගැන උතුරු කොරියාව හෙළිකරයි
බැලස්ටික් මිසයිල සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවන්ට උතුරු කොරියාව ප්‍රතිචාර දක්වා තිබෙනවා. එහිදී ඔවුන් පවසා ඇත්තේ එය නව ආකාරයේ උපායශීලී මග පෙන්වන සාර්ථක පරික්ෂණයක් බවයි.
එම මිසයිල දෙක උතුරු කොරියානු වෙරළේ සිට කිලෝමිටර 600ක් දුරින් පිහිටි ඉලක්කයකට සාර්ථකව යොමු කල බව ඔවුන් පවසනවා.
ජපානය සහ ඇමරිකාව විසින් සිදුකළ ගණනය කිරීම්වලට අනුව එම මිසයිලයට ගමන් කළ හැකි දුර ලෙස ප්‍රකාශ කර තිබුණේ කිලෝමීටර 400 ක් පමණ බවයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් උතුරු කොරියාවට න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කිරීම තහනම් කර ඇති පසුබිමක අදාළ සිදුවීමට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසා ඇත්තේ උතුරු කොරියාවේ ක්‍රියාකාරකම් වලට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.