හිටපු පෙම්වතා මගේ නිරුවත් ඡායාරූප මගේම ඉන්ස්ටග්‍රෑම්හි පළ කළා

හිටපු පෙම්වතා මගේ නිරුවත් ඡායාරූප මගේම ඉන්ස්ටග්‍රෑම්හි පළ කළා

මෙම තත්ත්වයට මුහුණ පා ඇත්තේ සාරා පමණක් නොවේ. පළිගැනීමේ චේතනාවෙන් කාමුක දර්ශන බෙදා හැරීමේ සිද්ධීන් පිළිබඳ වඩාත් වාර්තා වන්නේ නව යෞවනයන් සහ වයස විසි ගණන්වල මැද සිටින පුද්ගලයන් අතරින් බව ලිංගික අපයෝජන සම්බන්ධ පුණ්‍යායතනයක් වන සේෆ්ලයින් (Safeline) පැවසීය.

එවක නව යෞවනියක වූ ක්ලෝයි, රැකියාව නිමවී නිවසට යෑම සඳහා බස් රථයේ සිටිනා විට හඳුනා නොගත් ස්නැප්චැට් ගිණුමකින් පණිවිඩයක් ලැබී තිබිණි.

එම පණිවිඩය විවෘත කළ විට එහි තමාගේ නිරුවත් ඡායාරූපයක් දුටු ඇය කම්පනයට පත් විය. රාත්‍රී 8 වන විට ඇය තවත් නිරුවත් ඡායාරූප අදාළ ගිණුම සමග බෙදා නොගන්නේ නම් ඇයගේ ඡායාරූප “සෑම තැනකම පළ කරනවා” යනුවෙන් එම පණිවිඩයෙන් තර්ජනය කර තිබිණි.

සිය හිටපු පෙම්වතා සමඟ පමණක් බෙදාගත් ඡායාරූප එම ගිණුම හරහා දිගින් දිගටම ලැබෙන්නට විය.

රැකියාව නිමවී නිවසට යෑම සඳහා බස් රථයේ සිටිනා විට හඳුනා නොගත් ස්නැප්චැට් ගිණුමකින් පණිවිඩයක් ලැබී තිබිණි

පැය කීපයකට පසු ඇයට මිතුරියකගෙන් ඇමතුමක් ලැබුණි. “ක්ලෝයි, ඔයා ඔයාගේ ඉන්ස්ටග්‍රෑම් එකේ මොනවද මේ දාලා තියෙන්නේ?” ඇය ඇසුවාය.

එක්ව සිටියදී මානසිකව හිංසා පීඩා කළ බව පවසන ක්ලෝයිගේ හිටපු පෙම්වතා ඇයගේ ගිණුමේ මුරපදය අනුමාන කර නිරුවත් ඡායාරූප එහි පළ කළ ඇති බව ඇය පැවසුවාය.

“මගේ පළමු සිතුවිල්ල වුණේ, ‘මගේ පවුලේ අය මෙය දැක්කොත් කුමක් වෙයි ද? මගේ මිතුරන් මෙය දැක්කොත් කුමක් වෙයිද? මේවා සෑහෙන අය අතරේ බෙදිලා යනවා … එතකොට රැකියාව කරන තැන අයත් එය දකියි. මාව සේවයෙන් ඉවත් කරයි’.

“සිතුවිලි මිලියනයක් පමණ මගේ මනස හරහා දිව ගියා.”

තම දෙමාපියන්ට මෙය පැහැදිලි කිරීමට බිය වූ හැටි ඇය සිහිපත් කළේ කඳුළු සලමිනි.

“මට මතකයි එය සිදු වූ දින රාත්‍රියේ මම ගෙදර ආවා. මම තනියම හිටියේ. මම තැනක හිඳගෙන කල්පනා කළා, ‘ජීවිතයේ තේරුම කුමක්ද?’ කියලා. සිදුවෙමින් තිබුණ දේ පසුකර යන මාර්ගයක් දැකීමට මම ඇත්තටම වෙහෙසුණා. මම නැවත කිසිවෙකුත් විශ්වාස කරන්නේ කොහොමද?” ඇය පැවසුවාය.

“එය මට ඇත්තෙන්ම දැඩි අඳුරු කාලයක්. මම කිසි වටිනාකමක් නැති බවක් දැනුණු නිසා මට රිද්දව ගන්න පවා හිතුවා.”

සති ගණනාවක් පුරා ක්ලෝයි ප්‍රසිද්ධියේ සිය මුහුණ පෙන්වීමට බිය වූ නමුත්, දිනක් මිතුරියක් ඇයව තැබෑරුමකට යාමට පොළඹවා ගත්තාය. ක්ලෝයිට වඩා අවුරුදු කීපයක් වැඩිමල් පිරිමි කණ්ඩායමක් එදින රාත්‍රියේ ඇය වෙත පැමිණියහ. ඇයගේ ඡායාරූප ඔවුන්ගේ වට්ස්ඇප් කණ්ඩායමට ඒවා ඇති බව පවසමින් ඔවුහු ඇයගේ “සෙලවෙන දෙතන” ගැන නොයෙක් අසභ්‍ය දේ පැවසීය.

නිරුවත් ඡායාරූප මගින් සිදුකරන අපයෝජනය වින්දිතයෙකුගේ මානසික සෞඛ්‍යයට කෙතරම් බරපතල ලෙස බලපාන්නේ ද යන්න ගැන ජනතාවට දැනුවත් කිරීම ක්ලෝයිගේ අරමුණ වේ.

“මේ අහම්බෙන් මුණ ගැහුණු පිරිමි ළමයින් ඒ ඡායාරූප දැක තිබීමත් එය කණ්ඩායම් චැට්වල යැවීමට සුදුසු යැයි ඔවුන් සිතීමත් එක්ක, මගේ ජීවිතයේ මෙතරම් පහත් සහ නින්දාවක් මට මීට පෙර කවදාවත් දැනිලා නැහැ.”

වෙනත් පුද්ගලයෙකුගේ කැමැත්තකින් තොරව පෞද්ගලික ලිංගික ඡායාරූප හෝ වීඩියෝ හුවමාරු කර ගැනීම එක්සත් රාජධානියේ නීතියට අනුව අපරාධයකි.

නමුත් එය නීතිය ඉදිරියේ වරදක් වන්නේ ඡායාරූප බෙදූ පුද්ගලයා එම ක්‍රියාව සිදු කළේ ඡායාරූපයේ සිටින්නා අපහසුතාවට හෝ පීඩාවට පත් කිරීමේ අරමුණින් යැයි ඔප්පු කළ හැකි නම් පමණකි.

අදාළ පනත 2015 දී බලාත්මක කරන ලද අතර, මෙවන් අපරාධයක් සඳහා වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබේ.

“නමුත් එම නීතිය ක්‍රියාවට නැංවීම ඇත්තෙන්ම දුෂ්කරයි,” වඩා හොඳ රෙගුලාසි ඉල්ලා සිටිමින් සටනක නිරත වන ‘Not Your Porn’ ව්‍යාපාරයේ කේට් අයිසැක්ස් පැහැදිලි කළාය.

වර්තමාන නීතියට අනුව, “පින්තූර බෙදාගැනීම ද්වේෂ සහගත ක්‍රියාවක් බව ඔබ ඔප්පු කළ යුතුයි. එය උසාවියේදී ඔප්පු කිරීම ඉතා අපහසුයි.”

“සාරාට සිදු වූවාක් මෙන් පාසලේ පින්තූර බෙදා හැරීමේ සිද්ධියක දී, දරුවන් ඡායාරූප මත පදනම් වූ ලිංගික අපයෝජනයන්ට ගොදුරු වුවහොත්, ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට දොස් පැවරිය නොහැකි බව දරුවන් දැනගත යුතුය. කරදරයක් වේ යැයි බියකින් තොරව එය පාසලට හෝ පොලිසියට වාර්තා කිරීමට ඔවුන් ඉඩ තිබිය යුතුයි.”

උපුටා ගැනීම – BBC සිංහල පුවත් සේවය ඇසුරෙනි.

Share This