

දිනක් තුළ කොරෝනා ආසාදිතයින් 34151ක් හමු වූ රට
පෝලන්තයේ අද (25) දිනයේදී හදුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 34,151 ක් ලෙස වාර්තා වී තිබෙනවා.
මෙය පෝලන්තයේ දිනයක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනයි.
මේ වනවිට පෝලන්තයේ රෝහල්වල COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් ඇඳන් සහ ස්වසන යන්ත්‍ර නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව වැඩිවන ආසාදන පාලනය කිරීම සඳහා රජය ඉදිරියෙදී ඇතැම් සීමාවන් ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මේ වනවිට පෝලන්තය කොරෝනා තෙවන රැල්ලද ආරම්භ වී තිබෙනවා.