කොවිඩ් ආසාදනය වුවහොත් ඇතිවිය හැකි අතුරු ආබාධ

කොවිඩ් ආසාදනය වුවහොත් ඇතිවිය හැකි අතුරු ආබාධ

කොවිඩ්-19 වැළඳී සුවවූ සෑම පුද්ගලයින් තිදෙනෙක්ගෙන් එක් අයෙක්ට දීර්ඝ කාලීනව විවිධ රෝගාබාධ ඇතිවිය හැකි බව නවතම පර්යේෂණයකින් හඳුනාගෙන ඇති බව CNN වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඒ අනුව එවැනි පුද්ගලයින්ට මානසික ආබාධ, හෝ ස්නායු ආබාධ ලක්ෂණ ඇතිවිය හැකි බව පර්යේෂකයෝ සඳහන් කර තිබෙනවා. ඒ පිළිබඳ පර්යේෂණ වාර්තාව “Lancet Psychiatry” සඟරාවේ පළකර තිබෙනවා.

කොවිඩ් සුවවූ 17%ක් කාන්සියෙන් පෙළෙන බවත් 14%ක් ක්ෂණික ඉරියව් වෙනස්වීම් වලට ලක්වන බවත් එම වාර්තාවේ සඳහන්.

රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අය අතර ස්නායු ආබාධයන් මතුවිය හැකි බවද එම පර්යේෂකයෝ පෙන්වා දෙනවා.

කොවිඩ් වෛරසය ආසාදනය වී සුවවූ පුද්ගලයින් 236,000කගේ තොරතුරු ආශ්‍රයෙන් මෙම පර්යේෂණය සිදුකර තිබෙනවා.

Share This