පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණගේ ස්වාමිපුරුෂයා වන එඩිම්බරෝහි ආදිපාද පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාළිගාව නිවේදනය කර සිටිනවා.

වින්ට්සර් මාළිගාවේ දී  පිලිප් කුමරු අභාවප්‍රාප්ත වන විට 99 වන වියේ පසුවුනා.

පිලිප් කුමරුන්ගේ අභාවය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් රැසක් සොව පළ කරමින් පණිවුඩ නිකුත් කර තිබෙනවා.

අභාවය සම්බන්ධයෙන් වැඩි විස්තර ඉදිරියේ දී දැනුම් දෙන බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වනවා.

කොර්ෆු නම් ග්‍රීක දූපතේදී 1921 ජූනි 21 වනදා ඔහු උපත ලබා ඇති අතර එළිසබෙත් කුමරිය සමග විවාහ වුවේ 1947 දීයි.

ඔවුන්ට දරුවන් සිව් දෙනෙක් සිටින අතර චාල්ස් කුමරු (1948), ඈන් කුමරිය (1950), ඇන්ඩෘෘ කුමරු (1960) සහ එඩ්වර්ඩ් කුමරු (1964) එම දරුවන් වනවා.

පිලිප් කුමරුට මුණුබුරන් අට දෙනෙකු සහ මී මුණුබුරන් දස දෙනෙක් ද සිටිනවා.

රාජකීය යුවළ සිය විවාහයේ 50 වන සංවත්සරය සැමරුවේ 1997 වසරේදීයි.

“ඔහු ප්‍රශංසාවන් බලාපොරොත්තු වන පුද්ගලයෙකු නොවෙයි. නමුත් මේ දීර්ඝකාලය පුරාම මට යෝධ ශක්‌තියක්‌ වෙමින් නිහඬව මා අසල සිටියේ ඔහුයි.” යනුවෙන් එම අවස්‌ථාවේදී මහ රැජින පිලිප් කුමරු පිළිබඳව කළ ප්‍රකාශය අද දිනයේදී විදෙස් මාධ්‍ය යළි සිහිපත් කර තිබෙනවා.

Share This