

සූවස් ඇල වැසූ නෞකාව මුදා ගැනේ (Video)
දින 06 ක කාලයක් සුවස් ඇලේ සිරවී තිබු බහාලුම් ප්රවාහන නෞකාව මිට සුළු මොහොතකට පෙර මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත්වූ බව එම නෞකාව අයත් සමාගම සඳහන් කර සිටිනවා.
MV Ever Given නම් නෞකාව ඉකුත් අඟහරුවාදා සුවස් ඇලේ සිරවීම හේතුවෙන් ලොවපුරා නෞකා ගමනාගමනයෙන් සීයයට 30 කට අධික ප්රමාණයකට ඇන හිටිනු ලැබුවා.
මුදා ගැනීමේ මෙහෙයුමේ නිරත සහන සේවකයින් සඳහන් කලේ ඊයේ (28) දිනයේදී නෞකාව සිරවී තිබෙන ස්ථානයෙන් මිටර් 30ක ප්රමාණයක් චලනය කිරීමට සමත්වූ බවයි.
සිරවී තිබෙන MV Ever Given නම් මෙම නෞකාවේ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා විශාල ටග්යාත්රා දෙකක්ද ඇතුළු යාත්රා 12ක් සම්බන්ධවී තිබුණා.