ශ්‍රී ලංකා Legends වෙත කඩුලු 5ක ජයක්

ශ්‍රී ලංකා Legends වෙත කඩුලු 5ක ජයක්

මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පැවැත්වෙන Road Safety World Series 2021 තරගාවලිය කොවිඩ් 19 හේතුවෙන් කල්දැමුණු අතර එය ඊයේ දිනයේදී ආරම්භ වුනා.

Legends කණ්ඩායම් අතර පැවැත්වෙන T20 තරඟාවලියේ 5 වන තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව් Legends කණ්ඩායම පරදා ශ්‍රී ලංකා Legends කණ්ඩායම කඩුළු 5ක විශිෂ්ට ජයක් හිමිකරත්තා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් Legends කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 4කට ලකුණු 157 ක් රැස් කළ අතර, එය හඹා ගිය ශ්‍රී ලංකා Legends කණ්ඩායම පන්දුවාර 19කදී කඩුළු 5ක් දැවී ලකුණු 160ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කළා.

වසර ගණනාවකට පසු සනත් ජයසූරිය ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය කළ දැවැන්තයින් කීප දෙනෙක්ම මෙම තරඟයේ ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

Share This