

කොරෝනාවට එරෙහි තනි මාත්‍රා එන්නතට රැසියාවේ අවසරය
COVID-19 වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ තනි මාත්‍රා එන්නතක් වන ස්පුට්නික් ලයිට් එන්නත භාවිතා කිරීමට රුසියාව අවසර දී තිබෙනවා.
කෙටි කාලයක් තුළ විශාල පිරිසකට එන්නත්කරණය කිරීම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා.
ඉන්දියාව ඇතුළු රටවල් 60 කට අධික සංඛ්‍යාවක් විසින් අනුමත කර ඇති ස්පුට්නික් V එන්නතෙහි තනි මාත්‍රා එන්නත ස්පුට්නික් ලයිට් ලෙස නම්කර තිබෙනවා.
ස්පුට්නික් ලයිට් සඳහා දැනටමත් විශාල උනන්දුවක් ඇති අතර එය ලබන සතිය මුලදී රටවල් කිහිපයක ලියාපදිංචි වීමට ඉඩ ඇති බවත් වාර්තා වෙනවා.