සිංහයන්ගේ මතක යළිත් අවදි කරන්නට ‘සනත්’  පිත්ත අතට ගනී  (PHOTOS)

සිංහයන්ගේ මතක යළිත් අවදි කරන්නට ‘සනත්’ පිත්ත අතට ගනී (PHOTOS)

සුපිරිතම ආරම්භක පිතිකරුවකු සහ නායකයකු වන සනත් ජයසූරිය ‘මාර්ග ආරක්ෂණ ලෝක විස්සයි-20 තරගාවලිය’ සඳහා සහභාගි වීමට මේ දිනවල පුහුණුවීම්වල නිරත වනවා.

සනත් සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම තිලකරන්ත ඩිල්ෂාන් විසින් සිදු කරනු ලබනවා.

රසල් ආනල්ඩ්, මලින්ද වර්ණපුර, චාමර සිල්වා, ධම්මික ප්‍රසාද්, නුවන් කුලසේකර, චින්තක ජයසිංහ සහ අජන්ත මෙන්ඩිස් ඇතුළු හිටපු ක්‍රීඩකයන් රැසක් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල නියෝජනය කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන්නේ සනත් ජයසූරිය සහ තිලකරන්ත දිල්ෂාන් දෙදෙනායි.

මෙම තරගාවලිය සඳහා සනත් ජයසූරිය පුහුණුවන ආකාරය පහතින් දැකිය හැකියි.

Share This