

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිටියේ ‘පෙරළිකාර ක්‍රීඩිකාව’ 6 වසරේ ලාංකික දැරියක් !(PHOTOS/VIDEO)
ප්‍රිමියර් තරගයක් ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට ශ්‍රී ලාංකික දියණියක් පත්ව සිටින බව ඕස්ට්‍රේලියාවේ Beaconhills විද්‍යාලයේ සමාජ මාධ්‍ය මගින් අනාවරණය කර තිබෙනවා.
ලිමන්සා තිලකරත්න නම් වන ඇය 6 වසරේ ඉගෙනුම ලබන ක්‍රීඩිකාවක් වනවා.
මෙල්බන් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් සහභාගි වූ පළමු තරගයේ (Kookaburra Women’s Premier Thirds) පළමු පන්දුවාරයෙන්ම කඩුල්ලක් දවා ගැනීමට ඇය සමත්ව තිබෙනවා.
ලිමන්සා තිලකරත්න ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ නායකයෙකු වූ තිලකරත්න ඩිල්ෂාන් සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ මංජුලා තිලිණිගේ දියණියයි.
ඔවුන් මේ වනවිට ජීවත්වන්නේ ඕස්ට්‍රේලියාවේයි.
ලිමන්සා තිලකරත්න දක්ෂතා දක්වන ආකාරය
ලිමන්සා තිලකරත්න එදා සහ මෙදා