සූවස් ඇලේ සිරවූ නෞකාව මුදාගත් මෙහෙයුමේ දර්ශන (Video)

සූවස් ඇලේ සිරවූ නෞකාව මුදාගත් මෙහෙයුමේ දර්ශන (Video)

සූවස් ඇළේ සිරවුණු මීටර් 400 ක් දිග ‘එවර්ගිවන්’ නෞකාව මුදා ගැනීමට හැකි වී තිබෙනවා. නැව මුදා ගැනීම සිදුවුණේ මීට සුළු මොහොතකට පෙර යැයි විදෙස් පුවත් සේවා සඳහන් කළා.

සූවස් ඇළේ ඉවුරේ ගැටී සිරවුණු නැව ඉවත් කිරීමට වැලි ටොන් 20 කට වැඩි ප‍්‍රමාණයක් බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් ඉවත් කෙරුනා. ඉන්පසු ටග් බෝට්ටු ආධාරයෙන් නැව ඇදීම සහ තල්ලූ කිරීම සිදුවුණු බවත් උදම් රළ හේතුවෙන් නැව පා වී යෑමට සැලැස්වුණු බවත් පැවසෙයි.

තායිවානයේ ‘එවර්ග්‍රීන්’ නැව් සමාගමට අයත්, පැනමාවේ ලියාපදිංචි ‘එවර්ගිවන්’ නෞකාව, ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන නෞකාවලින් එකකි.

නෞකාව, රොටර්ඩෑම් බලා යෑම ආරම්භ කර තිබුණේ චීනයේ සිට භාණ්ඩ පටවා ගෙන මැලේසියාව පසු කරමින්ය. ‘එවර්ගිවන්’ නෞකාවේ වේගය නොට් 22 කි. එය පැයට කිලෝ මීටර් 40 කි.

Share This