

සුවස් ඇල හරහා නැවක් හිරවෙයි (Video)
ලොව කාර්ය බහුලතම නෞකා ගමන් මාර්ගයක් වන සුවස් ඇල හරහා භාණ්ඩ අඩංගු නෞකාවක් සිරවීම නිසා මේ වන විට එම ඇල හරහා නෞකා ගමනයට බාධා එල්ලවී තිබෙනවා.
“MV Ever Given” නම් මෙම නෞකාව දිගින් අඩි 1,312ක් වන අතර පළල අඩි 175ක් වන බහාලුම් ප්‍රවාහන නෞකාවක් වනවා.
මේ වන විට සහන කණ්ඩායම් විසින් සුවස් ඇලේ එක් ඉවුරක් විශාල කරමින් සිරවී තිබෙන නෞකාව ක්‍රමයෙන් යාත්‍රා කරවීමට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.