

අඟහරුමත තිරසර නගරයක් – 250,000ට නිවෙස් සඳහා සැලසුම් (VIDEO )
මිනිසුන් අඟහරු ගවේෂණය කිරීම දිගටම සිදු කරගෙන යන මොහොතක රතු ග්‍රහලෝකයේ තිරසාර නගරයක් ඉදිකිරීමට දැනටමත් සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එක්සත් ජනපදයේ ගෘහ නිර්මාණ ශිල්පී චිත්‍රාගාරයක් වන ABIBOO විසින් මෙම සැලසුම් එළිදක්වන ලද අතර එහි කාර්යාල එක්සත් ජනපදයේ ඇතුළුව ලොව පුරා විසිරී පවතිනවා.
නගරය නිර්මාණය කර ඇත්තේ තිරස් අතට කඳු බෑවුමකට නොව සිරස් අතට වන අතර එමඟින් වායුගෝලීය පීඩනය හා විකිරණවල බලපෑම අඩු වනු ඇති බවයි වාර්තා කර තිබෙන්නේ.
එමෙන්ම මෙම නගරයේ ඉදි කිරීම් 2054 වන තෙක් ආරම්භ කිරීමට අපේක්‍ෂා නොකරන බවත් නගරය සඳහා ගමන් කිරීම 2100 ට පෙර සිදු නොවනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.