

ලංකාවට ආසන්න තමිල්නාඩුවත් වසා දැමේ
දකුණු ඉන්දියාවේ කර්නාටක සහ තමිල්නාඩු ප්‍රාන්ත සති දෙකක කාලයක් සඳහා වසා දැමීමට එම ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා ආසාදිත සංඛ්‍යාව සහ මරණ කැපී පෙනෙන ලෙස ඉහළ යෑමත් සමඟයි.
කර්නාටක ප්‍රාන්තය අනිද්දා සිට ලබන 24 වැනිදා දක්වා වසා තැබෙන බව ප්‍රධාන අමාත්‍ය යෙදියුරප්පා ඊයේ (07) ප්‍රකාශ කළා.
අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳසැල් පමණක් දහවල් කාලය තුළ විවෘතව තැබෙන අතර, අනෙකුත් කඩ සාප්පු, හෝටල්, අවන්හල් සහ කර්මාන්ත ශාලා සියල්ල වසා තැබීමටයි ප්‍රාන්ත බලධාරීන් නියෝග කළේ.
එමෙන්ම, සඳුඳා සිට මුළුමනින්ම ඇඳිරි නීතිය පනවා සති දෙකක කාලයක් සඳහා තමිල්නාඩු ප්‍රාන්තය වසා තබන බව ප්‍රාන්ත රජය අද (08) උදෑසන නිවේදනය කළා.