ලොව ස්ථුලතම දරුවා කැපකිරීමෙන් ලැබූ ජයග්‍රහණය (VIDEO)

ලොව ස්ථුලතම දරුවා කැපකිරීමෙන් ලැබූ ජයග්‍රහණය (VIDEO)

මීට වසර කිහිපයකට පෙර ලොව ස්ථුලතම දරුවා ලෙස හැඳින්වූයේ ආර්යා ප්‍රේමනා

2014/2015 අවුරුදුවල මේ පිරිමි දරුවාගේ බර කිලෝ 192ක් වුණා

නිදාගැනීමේ කාලය වෙනස් වීම සහ අවිධිමත් ආහාර රටාවන් ඔහුගේ මෙම අධික ස්ථුලතාවයට හේතුවක් වුණා කියලයි ඔහු පවසන්නේ

ආර්යා කියන විදිහට එයා නිදාගත්තේ පාන්දර 4 ඉඳන් සවස 3 වෙනකන්

කෑමට අරන් තියෙන්නේ නුඩ්ල්ස් විතරයි

බිව්වේ පැණි බීම විතරයි

මොහුගේ අධික තරබාරුව නිසාම වෛද්‍ය නිර්දේශයන්ට අනුව ආහාර පාලනයට වගේම ව්‍යායාම වලටත් යොමුවෙලා

වෛද්‍යවරුන් විසින් ආර්යාට සැත්කමකුත් කරලා

ආර්යාගේ අධිෂ්ඨානය නිසාම මේ වෙද්දී එයාගේ ශරීරයේ ස්ථුලතාවය අඩුකරගන්න හැකියාව ලැබිලා

ඒ දවස්වල පන්තිකාමරයේ බිම වාඩිවුන ආර්යාට දැන් පුටුවක වාඩිවෙන්න පුලුවන් කියලයි වාර්තා වන්නේ

ආර්යා ප්‍රේමනාගේ මේ වෙනස පිටුපස වෛද්‍යවරුන්ගේ දැඩි කැපවීමක් තිබෙන බවයි වාර්තා වන්නේ.

 

 

Share This