

ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි වූ විශ්වාසය ඇමෙරිකානුවන්ට නැති වුණා – ජනපති බයිඩන්
වසංගත කාලය තුළ ඇමෙරිකානුවන්ට ප්‍රජාතන්ත්‍රවාදය සහ එක්සත් ජනපද රජය කෙරෙහි වූ විශ්වාසය නැති වී තිබෙන ඇති බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පිළිගෙන තිබෙනවා.
වසංගතයේ වසරක් සනිටුහන් කරමින් ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකානුවන් අමතා විශේෂ දේශනයක් පවත්වමින් මෙම අදහස් දැක්වීම සිදුකර තිබෙන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
“අපේ රජයට සහ අපේ ප්‍රජාතන්ත්‍රවාදයට ඇමෙරිකානු ජනතාවට ඉතා අසීරු දේ ලබා දිය හැකිද යන්න පිළිබඳ වූ විශ්වාසය අපට අහිමි වී ගොස් තිබෙනවා.” වසංගතය හමුවේ සියලු දේ වෙනස් වී ඇති බව බයිඩන් පවසා ඇත්තේ.
ඒ අනුව ඇමෙරිකාව පිළිබඳව ඇමෙරිකානු නායකයාගේ යාඥාව වී ඇත්තේ, “එක් ජනතාවක්, එක් ජාතියක්, එක් ඇමරිකාවක් ලෙස යළි එකට එකතු වෙමු” කියාය.