පිලිප් කුමරුට සමුදෙන්න බ්‍රිතාන්‍ය අගමැති නොඑන බව  BBC වාර්තා කරයි

පිලිප් කුමරුට සමුදෙන්න බ්‍රිතාන්‍ය අගමැති නොඑන බව BBC වාර්තා කරයි

ලබන සෙනසුරාදා (17) දින පැවැත්වීමට නියමිත එඩින්බරෝ ආදිපාදවරයාගේ අවමංගල්‍යයට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නොපැමිණෙන බව BBC මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කොවිඩ් 19 සීමාවන් මධ්‍යයේ පැවෙත්වෙන මෙම රාජකීය අවමංගල්‍ය උත්සවයට “හැකි තරම් පවුලේ සාමාජිකයින්ට” පමණක් යාමට ඉඩ සැලසෙන බව එහි සඳහන් වනවා.

ඒ අනුව වින්ඩ්සර්හි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවැත්වෙන මෙම අවමංගල්‍යයට සහභාගී විය හැක්කේ ආදිපාදවරයාගේ දරුවන්, මුණුබුරන් සහ අනෙකුත් පවුලේ සමීප යැයි අපේක්ෂා කරන පුද්ගලයින් 30 දෙනෙකුට පමණක් බවයි වාර්තා වන්නේ.

Share This