අළු වැස්සකින් වැසුණු නගරය (VIDEO)

අළු වැස්සකින් වැසුණු නගරය (VIDEO)

ඉකුත් සිකුරාදා (09) දින ලා සුෆ්රියර් ගිනි කන්ද පුපුරා යාමෙන් කැරිබියානු දූපතක් වන ශාන්ත වින්සන්ට් දූපත අළු තට්ටුවකින් ආවරණය වී තිබෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

 

සුදු පැහැති දූවිලි එහි අගනුවර වන කිංස්ටවුන් ඇතුළු දිවයින වටා ගොඩනැගිලි සහ මාර්ගවලට ඇද හැලි ඇති අතර දහස් ගණනක් ජනයා තම නිවෙස්වලින් ඉවත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මේ හේතුවෙන් දුපතේ බොහෝ ප්‍රදේශවලට විදුලිය හා ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

 

විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ මෙම ලා සුෆ්රියර් ගිනි කන්ද විදාරණය වීම දින හෝ සති ගණනක් වුවත් පැවතිය හැකි බවයි.

Share This