ඕස්ට්‍රේලියාවේ ගංවතුර තත්ත්වය තවදුරටත්

ඕස්ට්‍රේලියාවේ ගංවතුර තත්ත්වය තවදුරටත්

බටහිර ඕස්ට්‍රේලියාවට දශක ගණනාවකට පසු දරුණුතම ගංවතුර තත්ත්වයක් බලපා ඇති බව එරට අගමැති ස්කොට් මොරිසන් පවසනවා

නිව් සවුත් වේල්ස්හි සමහර ප්‍රදේශවල මීටර් 1 (අඩි 3.2) ක පමණ වර්ෂාවක් ඇද හැලුණු බවත් ,නිවාස සිය ගණනක් ජලයෙන් යටවී ඇති බවත් මාර්ග යටවී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සිඩ්නි හි විශාලතම වේල්ල අවම වශයෙන් තවත් සතියක්වත් පිරී ඉතිරී තිබෙනු ඇති බවට විශ්වාස කරන බවත් ඉහළ ජනාකීර්ණ ප්‍රදේශවලට තර්ජනයක් වනු ඇතැයිද එරට අගමැතිවරයා සඳහන් කරනවා

කිසිදු මරණයක් වාර්තා නොවූ නමුත් ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවෙන් පසු දහස් ගණනක් ජනතාව ඉවත් කිරීමට භට පිරිස් යොදවා තිබෙනවා

අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙන්නේ බදාදා වැසි සමනය වනු ඇතැයි අපේක්ෂා කරන නමුත් ගංවතුර තර්ජනය පවතිනු ඇති බවයි.

Share This