

සූවස් ඇළේ සිරවූ නැව නිසා ඇතිවුණු අලුත්ම අවදානම
සූවස් ඇළේ සිරවී ඇති බහාලුම් නෞකාව යාත්‍රා කරවීමට සති කිහිපයක් පවා ගත විය හැකි බැවින් මේ වන විට එහි සිරවී ඇති නෞකා 200කට අධික ප්‍රමාණයක් පවතින අතර ඒවා විකල්ප මාර්ග හරහා යාත්‍රා කරවීමට යොමුව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඒ අනුව මේ සඳහා භාවිතා කළ හැක්කේ දකුණු අප්‍රිකානු සුභ ප්‍රර්ථනා තුඩුව හරහා යන ගමන් මග වන අතර එලෙස නැගෙනහිර අප්‍රිකානු මුහුදට පිවිසීම නිසා මුහුදු මංකොල්ල ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම නෞකා සතුව බොර තෙල් ,මෝටර් රථ, මත් පැන් මෙන්ම ගවයින් වැනි සජීවී සතුන්ද තිබෙන බැවින් ඩොලර් බිලියන 13කට අධික භාණ්ඩ මෙලෙස කොල්ල කෑමේ අවදානමකට පත්ව තිබෙනවා.